" ඉතින් ඔයාට පුළුවන්නෙව ඉඩමක් ගන්නවයි කියාලා ලෝන් එකක් ගන්න. මමත් ලෝන් එකක් ගන්නවා ගේ හදන්න".
කොහොමින් කොහොමින් හෝ අතේ රුපියල් පන්දාහක් ඇතිව අලුත් නිවසෙහි වැඩ ආරම්භ විය. කටුමැටි නිවස අසලින්ම නව නිවසට මුල් ගල තැබීය. ගේ එසේ ඉදිවද්දි නන්දාගේ දරු ගැබද වැඩෙන්නට විය. එම අවුරුද්ද අවසාන වන විට විසිත්ත කාමරයක් ද නිදන කාමර දෙකක් හා කුස්සියක් සහිත නිවසේ වැඩ අවසන් විය.
ඒ එකදාස් නවසිය අනූ දෙක වර්ශය ආරම්භ වූ මාසයයි. සුපුරුදු පරිදි නන්දාත් කරුණාරත්නත් රැකියාවට ගියෝය. නමුත් නන්දාට සුපුරුදු පරිදි වැඩ කිරීමට නොහැකි විය. ඈට වැඩපලේදීම අමාරු වී රෝහල් ගත කලාය. එතැනින් බොරකන්ද රෝහලට මාරු කරණු ලදුව එහිදී තෙවන දරුවා උපත ලැබුවාය. ඒ රෝස පාට හුරතල් දැරිවියකි. ඈ පළමුවම පයගැසුවේ අලුත් නිවසෙහිය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යන්නේය. මිත්තනියට දරුවන් තිදෙනකු බලා ගැනීම අපහසු බැවින් ද කිරි දීමේ ගැටලු ද නිසා ළමුන් තිදෙන බලා ගැනීම සදහා කරුණාරත්නගේ පොඩි මල්ලිගේ බිරිද පුෂ්පා ඉදිරිපත් විය. ඊට අමතරව පහල නිවසේ පදිංචිව සිටී පිස්සු බලු රෝග වෙදාගේ දියණිය වූ දිස්නා නමැත්තිය ද ඉද හිට පැමිණියාය. පුෂ්පාට ද ඒ වසරේදීම දරුවකු ලැබුණාය. එම නිසා ඈ පූර්ණිකාගේ ද කිරි මව විය.
අපගේ කතා නායකයාගේ වයස දැන් අවුරුදු තුන හමාරකි. ඔහු වෙනුවෙන් නන්දාත් කරුණාරත්නත් වෙහෙසුනෝය. නන්දා දිගින් දිගටම දෛවඥයෝ පසුපස ගියාය. ඒ බොහෝ දෙනාගේ මතය වූයේ දරුවා අවුරුදු පහට වඩා ජීවත් නොවන බවය. අවුරුදු පහ පන්න ගත්තොත් ළමයා ගොඩක් කල් ජීවත් වෙයි අයෙක් කීවේය. තව සමහරෙක් කීවේ අවුරුදු දහයෙන් ළමයා මැරෙණ බවය. මේ අපල වලින් ගැලවීමට ඈ නොකල දෙයක් නැත. මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමට මුදල් එකතු කලාය. යාචකයන්ට මෙන්ම බලු කපුටු දාන ද දුන්නාය. බෝධිපූජා පැවැත්වුවාය. දෙවියන්ට කන්නලවු කොට බාර හාර විය. මේ අතර එක් දෛවඥයෙක් මෙසේ පැවසුවේය. " නොනාට මේ දරුවා ජීවත් කරවන්න ඕනම නම් දරුවව සාසනයට භාර කරන්න".
අවසානයේ දී ඈ එයද උත්සහ කර බැලීමට තීරණය කලාය. කරුණාරත්නට මේ බව පවසා ඔහු ද ඊට එකග කර ගත්තාය. නන්දාගේ සිත හැදීමට විනා කරුණාරත්න ඒවා ගැන එතරම් විශ්වාස නොකලේය. ඔවුන් දරුවා ද රැගෙන තිස්සමහාරාම විහාරයට ගියෝය. එහිදී නායක හාමුදුරුවන් මුණගැසී දරුවා සාසනයට භාර කලෝය. "දරුවට කැමති දවසක ඇවිල්ලා මහණ වෙන්න අවසර තියෙනවා" ලොකු හාමුදුරුවෝ අවසානයේ කීවේය.
තව තව ඕනේ...!!නියමයි!!!
ReplyDelete