කර්ම කිරීම තුලින් සිතට නැතිනම් විඥ්‍යාන ධාතුවට ශක්තිය සැපයෙන ආකාරය ඉහත ලිපියේ දී පැහැදිලි කලානේ. එහි දී පෙනී ගිය කරුණක් නම් චේතනාවක් රහිතව කරන ක්‍රියාවකින් විඥ්‍යාන ධාතුවට බලපෑමක් නෑ කියන එක. අද අපි සොයා බලමු කර්මය පල දෙන්නේ කෙසේද කියා.
සෑම කර්මයකම එවෙලෙහි ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. යමක් කල විටදී හා කරමින් සිටින විටදී ඇතිවන හැගීම හා ඒ හැගීම අරමුණු කරගෙන සිදුවන ක්‍රියා එවෙලෙහිම ලැබෙන ප්‍රතිඵල ලෙස හදුන්වන්න පුලුවන්. යම් අකුසල හෝ පාප ක්‍රියාවක් කිරීමේ දී ඇතිවන බය එහි පලමු ප්‍රතිඵලයන් ලෙස පෙනෙනවා. බය හේතු කොටගෙන සිදුවන හෞතික ප්‍රතිඵලයන් කර්ම විපාක හැටියට සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැදින්වෙනවා. අධික රුධිර පීඩනය, වෙව්ලීම, තැති ගැන්ම මෙන්ම නීතියෙන් හා සමාජයෙන් දඩුවම් ලැබීම , කරන්නට යන පාපී ක්‍රියාව වැරදීයාම නිසා අනතුරට පත්වීම යන සියලු ප්‍රතිඵල කර්ම විපාක ලෙස දැක්විය හැකියි. කුසල් හා පුණ්‍ය කර්ම වලදී ද මෙවැනි ප්‍රතිඵල ලැබේ. සතුට, ජනතා පැසසුම් , තෑගි බෝග ලැබීම් එවැනි විපාක කීපයකි. මෙලෙසම පසුව ලැබෙන ප්‍රතිඵල ද දැකිය හැකි.මේ භවයෙම පසුව ලැබෙන පල විපාක ලෙස නැවත නැවත සිහි කිරීමෙන් ඇතිවන සතුට හෝ භය, සම්මාන හෝ නීතියේ රැහැනට හසු වීම් වැනි දෑ දැක්විය හැකි.
යම් පුද්ගලයකු කරන ලද කර්මයක් ඊලග භවයට බලපාන්නේ කෙසේද?. කෙනෙක් මැරෙන මොහොතෙ දි තමා කල කර්මයන් සිහි වීමෙන් සිතට එන සිතුවිල්ල අනුව ඊලග භවය සකස් වීම නිසයි බොහෝ කර්ම ඵල ඊලග භවයට ගෙන යන්නේ. අවසාන සිත සතුටුදායක නම් ඊට අනුරූප රුපයක් ඇසුරු කොට ඊලග භවය සකස් වේ. ඒ අනුව දේව, බ්‍රහ්ම හෝ මනුෂ්‍ය භවයක හෝ ප්‍රතිසන්ධි සිත හට ගැනීම සිදු වෙනවා. මෙහිදි තමා කල අල්ප වරදක් හෝ ගැන පසුතැවීමකින් මිය යන්නේ නම් ඊලග භවය තැවෙන රුප හෙවත් අපාගාමී සත්වයන් ඇසුරු කොට හට ගන්නවා. උදාහරණයකින් කියනවනම්, අනේ මං අර ගසට පය තැබීමෙන් පවක් කරගත්තා යැයි තැවෙන සිතින් මල කෙනෙකු වෙන කිසිම වරදක් නොකලද සතර අපායෙන් එකක හට ගැනීමට පුලුවන්.
ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනී යන තව කරුණක් ඇත. එනම් ක්‍රියාවත් ප්‍රතිඵලයත් අතර කාල වෙනසක් නෑ කියන එක. ඒක ටිකක් පැහැදිලි නැතුව ඇති. මෙහෙමයි, ඇත්තටම මැරෙන මොහොතෙදි කර්ම සිහි වීම තමයි ඊලග භවයෙ හට ගැන්මට හේතු වුනේ. නැතුව ඒ කර්මයම නොවෙයි. මන්ද පෙර කර්ම කර තිබුනද අවසන් සිත (චුතුප්පාද සිත) අනුවයි ඊලග සිත හට ගන්නේ. ආනන්තරීය පාප කර්මයකදි වන්නේ අනිවාර්යෙන්ම කර්මයේ බරපතලකම නිසා අවසාන සිතට එය අරමුණු වීමයි. මෙහිදි දැන ගත යුතු වන්නේ ටැංකියේ කොපමන ජලය තිබුනද කරාමය විවෘත කරන තුරු ජලය නොඑන්නා සේ කොතරම් අකුසල් කලද එය පල දිමට සුදුසු වටපිටාව සකස් විය යුතුය යන්නයි. එසේම කරාමය අරිනතාක් ටැංකියේ ජලය හිස් නොවන්නා සේ කර්ම ශක්තියද පල දෙන තුරු තමා පසුපස එන බවද දැන ගතයුතුය. එසේම ටැංකියේ ජලය ස්වල්පයක් ඇති කල්හි වාශ්ප වීම වැනි ක්‍රියා මගින් අහවර වන්නා සේ සමහර සුලු කර්ම අහෝසී වී යන්නට ද හැකි බවයි. මන්ද මේ සියල්ල ශක්තීන් වන බැවිනි.
No comments:
Post a Comment