අපි දැනගත්තනේ සියලුම දේවල් වලට වාගේම හේතුන් පවතින බව. සදාතනික ධර්මතා හැරුණු විට අනිත්‍ය දුඛ්‍ය අනාත්ම ලක්ෂණ සහිත සියලු දේ හේතු ඵල දහමට අනුව සකස් වෙන බව. ඉතින් යම් ප්‍රතිඵලයක් විග්‍රහ කිරීමෙන් අපට පුලුවන් මේකට හේතූ මෙවාය කියලා කියන්න. අනෙක් අතට ගත් කල ඒ හේතු සකස් වූ විට ලැබෙන ප්‍රතිඵලයත් කියන්න පුළුවන්. මේකට කියනවා විද්‍යාත්මක ක්‍රමය කියලා. අපිට පුළුවන් පරීක්ෂණය කරලා නීරික්ෂණය කරලා නිගමනයකට එලැබෙන්න. මේම නිගමනයන් පසුව නියමයන් බවට පත්වෙනවා.
මෙන්න මේ වගේම යම් කෙනෙකුට හැකියාවක් තියෙනවා හේතු ඵල දහම අධ්‍යයනය කිරීමෙන් නියමයන් සොයා ගන්න. අප මහා බුදු රජාණන් වහන්සේ ද ඉතාමත් දීර්ඝ කාලයක් කල පරික්ෂණ මගින් නියාම ධර්ම පහක් ඉදිරිපත් කර ඇති බවට සදහන් වෙනවා.
සාමාන්‍යයෙන් නියමයක් ඉදිරිපත් කිරීමේදී උපකල්පන කීපයක් මත තමයි ඒක සත්‍යයැයි කියන්නේ. මේ නියාම ධර්ම පහ ද එසේමයි. ඒවා ද සත්‍ය වන්නේ යම් යම් තත්ව වලදී. උදාහරණයකින් කියනව නම් ඉහත ලිපියේ සාකච්ඡා කල කර්ම විපාක දීම එකම කර්මය කල දෙදෙනෙකුට බලපාන ආකාරය දෙවිදියක් බව පැහැදිලි කලේ. දැන් මොනවද මේ පංච නියාම ධර්ම?. කර්ම නියාම, ධර්ම නියාම, බීජ නියාම, සෘතු නියාම හා චිත්ත නියාම යනු ඒ පසයි. මේ නියාම ධර්ම පිළිබද ඊළග ලිපියෙන් සොයා බලමු. ඔබට නිවන් සුව ලැබේවා!
No comments:
Post a Comment