මුලින් අපි කුසලාකුසල සහ පින්පව් අතර වෙනස උදාහරණ ඇතිව සොයා බලමු. බොහෝ විට ඔය අවස්ථා දෙකෙහිම කතා කෙරෙන ක්‍රියාවක් තමයි දානය. දානය කර්ම අවස්ථා හතරින් කුමන අවස්ථාවකට වැටේද? දන් දීම මගින් අත් හැරීමක් සිදු වේ නම් එය නිවනට උපකාර වන හැකියාවකි. එම නිසා එවිට එය කුසල් ගණයටයි වැටිය යුත්තේ. නමුත් කෙනෙක් දන් දීම තුලින් යමක් බලා පොරොත්තු වේ නම් , මාලු අල්ලන්නකු දමන ඇමක් බවට එම ක්‍රියාව පත් වෙනවා. එවිට එය අත්හැරීමේ කුසලතාව වලකන බැවින් අකුසල ගණයට වැටෙනවා. වෙනත් විදියකින් දක්වනවා නම් එයින් ලෝභය ස්මතු වීම නිසා නිවන් මග අවුරන බැවින් අකුසල් වෙනවා.
නමුත් එය නැවත නැවත සිහිපත් කිරීමෙන් සිතට සතුටක් දැනෙන බැවින් පිනක් සිදු වෙනවා. නමුත් යමෙක් නොදී බැරි කමට දන් දී දුන් දෙය ගැන සිතමින් දුකට පත් වේ නම් එය පවක් ලෙස සැලකිය යුතුයි. මේ ආකාරයට බාහිර ක්‍රියාව එකක් ලෙස පෙනුනද සිත ක්‍රියා කරන ආකාරය අනුව විඥ්‍යාන ධාතුවට ශක්කිය ලැබෙන ආකාරය ද වෙනස් වෙන බව පේනවා. එම නිසා එක් එක් පුද්ගලයාට ලැබෙන ප්‍රතිඵල ද වෙනස් විය යුතුයි. මෙම උදාහරණයට අනුව පින් කල කෙනාද අකුසල් කල කෙනාද බොහෝ විට දෙව්ලොව යා හැකි. කුසල් කල කෙනා අත්හැරීම දියුණු කිරීම තුලින් බ්‍රහ්ම ලෝක දක්වා ගමන් කල හැකියි. නමුත් පව් නල කෙනා බොහෝ විට දුගතිගාමී විය හැකි.
අප කරන බාහිර ක්‍රියාව අනුව මොහු යහපත්ය අයහපත්ය යැයි ස්ථීරව කිව නොහැකි ද මේ නිසාවෙනි. මේ අනුව යම් ක්‍රියාවක් සමාජයට යහපත් ලෙස බලපෑව ද එමගින් කතෘට අයහපත් ප්‍රතිඵලයක් ලබා දේ. මෙය කෙතරම් පුලුල්ද කිවහොත් යමෙකු තවකෙකුගේ ගෙල කපන්නේ ඔහු දෙව්ලොව යාමටත්, මලක් සිඹින ලද්දකු අපා ගත වීමටත් හැකියාවක් පවති. මෙහි ක්‍රියාකාරීත්වය නැතහොත් ප්‍රතිඵල ලැබෙන ආකාරය හැකි පමණ ඊලග ලිපියෙන් සොයා බලමු.
No comments:
Post a Comment