Friday, August 5, 2011

කවුද දෙයියෝ ?

ඉතින් ඕං  දැන් හුචස් පෙල අභාගයත් පටන් ගන්න හින්දාත් , මගේ "යථාර්තය සොයා.............." ඊළග ලිපියටත් අදාල නිසාත් , මගේ කට කහන නිසාත් මේ මගුලත් කියල දාන්ට ඕනෑයි කියාලා හිතුනා.
 ඉතින් පහුගිය දොහේ අපේ හුචස් පෙළ කොරන බබාලගේ අම්මලෑ එහෙම දේවාල වලට ගොහින් කන්න ලව් (love 4 eat) කරපිනාලා එහෙම භාරහාර එහෙම වෙන්ට ඇති නොවෑ. මොකද ඉතින් කපු උන්නැන්සෙට දාහක් දෙදාහක් පූජා නොකලොත් එහෙම දෙයියො කෝපාවිස්ඨ වෙලා බබාලට ලයිට් කණු එව්වොත්!
 දැන් ඔය බෝධිපූජා සාන්තිකරුම කොලයි කියාලා කොයි දෙයියද විභාග සාලාවට ඇවිදිල්ලා උත්තර කියාපිනාලා ගියේ. ඇරත් ඔය ගෙඩි පිටින් පළතුරු අරන් ගියයි කියාලා කොයිතරම් කන්න- ලව් කොලාත් කනවයෑ. පුදුම වැඩේ කියන්නේ පූජා වට්ටියට තියන සල්ලි ටිකයි  ගෙඩි පිටින් තියෙන පළතුරු ටිකයි නොවෑ දෙවියොත් අරගන්නේ. ඉතින් ළමයත් මොන දහංගැටේ දාලා හරි විභාගෙ ගොඩ දාගනිපිනාම ගොහින් භාරහාර ඔප්පු කොරන්ට තව කුට්ටියක් ගොහින් පූජා කොරාපන්කෝ.
 අනේ හැබැටම ඉතින් ඉස්කොලේ හාමිනේලා, මහත්තෙයැන්ලා උදේ හිට ගිරිය කඩාගෙන මොරදීලා ගාලකඩාගත්තු හරක් රැලක් ආංබාං කොරන්නැහේ බබාලට අකුරු කොරාපිනාපු, රෑ දෙගොඩ හරිය වෙනකම් පන්ති ගානේ බඩගා පිනාලා නිදිවරාගෙන පාඩම් කොරපිනාපු ඒවායෙ වැඩක් නෑ නොවෑ බැලින්නම්.
 දැන් ඔය දොස්තර මහත්තෙයැන්ලා, ඉස්කෝලෙ මහන්තෙයැන්ලා එහෙම ඕනෑම නෑ නෙව බලාගෙන ගියාපුවාම ඈ... ඇයි බාං කොච්චරවාත් හාස්කං තියෙන දෙයියෝ ඉන්නවනෙවෙද මේ සිරි ලංකාවේ හැබැටම

3 comments:

  1. නියම කතාව යාලු...
    ඔය බාර වෙන්නේ...ඊට පස්සේ හිතේ ඝට එනවලුනේ අප්පා..
    සන් සන් ගාලා උත්තර එනවලු ඊට පස්සේ...හැබැයි ඉතින් කණු ආවම..දෙයියොත් සුන් බබාලත් සුන්..හික්ස්..

    ReplyDelete
  2. බෝධි පූජාවකින් අදහස් කරන්නෙ නම් මානසික සහනයක් ලබා ගැනීම. උසස් පෙළ වගේ අතිශය තරඟකාරී විභාගයකට මුහුණ දෙන කෙනෙක්ගෙ මානසික ආතතිය අඩු කරන්න ආගමික වතාවත් වල යෙදීම හොඳයි. ඒවට ගරහන්න එපා!

    ReplyDelete
  3. ඔව් ඉතින් බෝධිපූජා කොරන එකේ අයහපතක් නෑ. ඒත් ඉතින් ඒකත් බබාලගේ අම්මලෑ ගොහින් කොරාට වැඩක් නෑ නෙව බබාල නොගිහුන්.
    අනික මං මේකෙන් බලා පොරොත්තු වුනේ ඔය කපුවන්ට පිදේනි දෙන එක උපහාසයට ලක්කොරන්න විතරයි. ගෙදර ඝණ දෙවි රූපයක් හරි වෙන ඕනෑම තමුන් අදහන කෙනෙක්ගේ හරි පිළිමයකට රූපයකට කියලා තමුන්ගේ ආතතිය අඩු කොරගන්න එකේ වැරැද්දක් නෑ නොවෑ.

    තෑන්ක්ස් අසනි හික්ස්.....

    ReplyDelete