Friday, August 26, 2011

මකුණු දැලින් හුලං බැදීම

අපේ විසිතුරු කොල්ලා ඉන්නව නෙව. ඌයි මායි අතොරෙ වුනු කතිකාවක් නිසා ඕං  මේං මේක දමාලාපිනාන්ට හිතුනා. බොලාලා දන්නව නෙව නගර සෝභනියන්ව (වෙසගනන්ව) දැන් දිගට හරහට පොලෝසියෙන් කුදලාගෙන යනව නෙව. මං කියෙව්වේ මේ රාජකාරියට නැතුව අහවල් දේකට නොවෙයි. දැන් හැබෑටම ඔය තනන්නේ සිරි ලංකාවේ තුන්වන සික පදය සුරකින්නෙයි. නෑ නෙව. මොකෙයි ඕකුන් කුදලං ගොහින් හත් අට දාහකට ඇප මත මුදා හැරියම උන් ගොහින් පවුලක් පන්සලක් වෙලා හේනක් කුඹුරක් කොරාගෙන ඉන්නවෙයි. රට කරවන කාණ්ඩෙට කීයක් හරි හොයා ගන්නයි, රටේ එවුන්ගේ පරසාදේ දිනාගන්නයි කොරන බූත වැඩ නෙව. උන් ඔය ගාන පැයෙන් දෙකෙන් හම්බු කොර ගනී සුටු ගාලා.
 ඔය තහනම් ගහේ ගෙඩි කෑවේ මිනිහා ලෝකේ පහලඋන කාලෙම නෙව. එහෙව් එකේ මොන සක්කරයා ආවත් නවත්තන්ට ඇහැක් එකක් ද ඔය. රට කරවන රාලලාට තියෙන්නේ ඔක නීති ගත කොරලා විදිමත් විදියට කිරියාත්මක කොරවන එකයි. එතකොට ඔය ගබ්සා කොරන්නයි සමාජ රෝග වලට පතිකාර කොරන්නයි ඕනැන්නේ නෑනේ. මාසෙකට සැරයක් චැක් කොරලා ලෙඩ හැදිච්චි එවුන්ගේ බලපත්තරෙ අහෝසි කොරාලා වන්දියකුත් දුන්නනම් අහවරනේ. උන්ගෙන්ම බදු ගහලා ආදායමකුත් හොයාගෙන රට ගෙනියන එක නෙව තියෙන්නේ.
කරන කලට පව් මීරිය මී සේ
 විදින කලට දුක් දැඩිවේ ගිනි සේ
                                      කියාලා අපි පවු නොකර හිටියම ඉවරනේ. මොකද,
 නැණ මද එකා ගුණ දහමින් වෙලූවත්
 උගේ ගතිය ඌ නාරී මැරූවත්.

2 comments:

  1. හෙ හේ..හොඳා හොඳා...

    ReplyDelete
  2. සිරාවටම... කරගන්න ඕන එවුන්ට කරගන්න කියලා, ඒ කාරියට අකුල් හෙලන්නෙ නැතුව හිටියා නම් අහවරයිනෙ? පොලොසියෙන් අල්ල ගත්තාම රටටම කියනවා... එදායින් පස්සෙ ඒ ගෑණි ජීවත් වෙලා ඉවරයි. හැබැයි රජය මැදිහත් වෙලා ඔය සමාජ රෝග පැතිර යාම නවත්තන්න කටයුතු යෙදුවොත් තමයි හොඳ.. ඔය ලොව කාන්තාවන්ගේ පරණම රස්සාව නොවැ.

    ReplyDelete