හොදයි අපි සොයා ගත්තා අනිත්‍ය යනු කිසිවක් නොමැත යන්න බව. එනම් ද්‍රව්‍යමය වශයෙන් පෙන්විය හැකි කිසිවක් නොමැත, නැතිනම් ශුන්‍යතාව අප වටහාගතිමු. හොදයි දැන් අපි බලමු මොකක්ද මේ දුක නැත්නම් දුඛ්‍ය සත්‍ය ලෙස හදුන්වන්නේ මොකක්ද කියලා.
බොහෝ අය දුක ලෙස හදුන්වන්නේ කනගාටුව යන්නයි. එබැවින් මේ ලෝකේ සියල්ල දුකයි, කණගාටුදායකයි සියලු දේ නිශ්ඵලයි වශයෙන් සෘණාත්මක ආකල්පයක් දරයි. මේ නිසා බොහෝදෙනා බුදුදහම ගැන කලකිරිමෙන්ද කතාකරනු මටද ඇසී ඇත. ඇත්තටම මේ ලෝකේ සියලු දේ කණගාටු දායකද? සතුටක් ඇත්තෙම නැද්ද? සතුටු වෙන්න නිවන් දකින්නම ඕනෑද?. හොදයි අපි බලමු අපි ජීවිතේ කවදාවත් සතුටුවෙලා නැද්ද කියලා. නෑ ඇත්තටම අපි කොච්චර සතුටු වෙලා තියෙනවද? කාටහරි උදව්වක් කරලා එයාගේ සතුට බලලා අපි සතුටු වෙනවා, අපි සාර්ථකව යමක් කරලා සතුටු වෙනවා, ඒ වගේ ගොඩක් විදිවලින් අපි සතුටු වෙනවා. එහෙනම් මේ ලෝකේ හැමදාම කණගාටුව පමනක් ඇත යන්න නිවැරදි නොවේ.
මට හිතෙන හැටියට දූක්ෂ යන්න දුක්ඛ යන්නෙන් බිදී ආ වචනයක් විය යුතුයි. දූක්ෂ යන්නෙහි අදහස විනාසය නැතිනම් වෙනස් වීම යන්නයි. හොදයි අපි බලමු 'දුක' වෙනුවට 'වෙනස් වීම' යන්න ආදේශ කොට. මේ ලොව සියල්ල වෙනස්වේ එනම් දුක වේ නැතිනම් නැසෙන සුලුයි ලෙස එය අර්ථ දැක්විය හැකි. මෙම වෙනස් වීම පිලිබද අපි ඉහත ලිපියේද අධ්‍යයනය කල බැවින් අපට වැටහෙනවා මේ කතාකරන මමද ඔබද භෞතික අභෞතික සියලුම දේ (ඇත්තටම හේතුවකින් හටගත් සියලුම දේ) වෙනස් වන බව. නමුත් මේ වෙනස් වීම් වලින් බොහෝ වෙනස්වීම් සිදුවන්නේ අප අකමැති දිශාවටයි. එසේම අප කැමති ආකාරයේ වෙනස් වීමක් වුවද එහි නොපවතින( අනිත්‍ය) බව නිසා ක්ෂණයෙන් එය නැවත වෙනස් වේ. මේ නිසා බොහෝ දේ කණගාටුදායක ස්භාවයක් ගනී. නමුත් අපිට පුලුවන්නම් මේ හැමදේම හේතුවකින් (ඇත්තටම හේතු ගණනාවකින්) හටගත් වෙනස්වන දෙයක් ලෙස දකින්න අපිට කිසිම වෙනස් වීමකදී දුක් නොවී සිටිය හැකී.
එසේනම් අපි දැන් ලෝකයේ ස්භාව 2ක් දැනගතිමු. එනම් පවතින යමක් නොමැතිබව හා සියල්ල වෙනස් වන බවයි.
No comments:
Post a Comment