රැකියා ලැබී යම් තත්වයකට පැමිණි වහාම දෙදෙනා විවාහ විය. නමුත් විවාහ වී වැඩි කලක් යන්නට මත්තෙන් දෙදෙනාටම නැවතත් කරදර පැමිණෙන්නට විය. කරුණාරත්නට පොළොන්නරුවටත් නන්දාට මඩකලපුවටත් මාරුවීම් ලැබිණ. එබැවින් දෙදෙනා අම්පාරෙන් ඇනෙක්සියක් කුලියට ගෙන එහි පදිංචියට ගියෝය. නමුත් දෙදෙනාට එකට සිටීමට හැකි වූයේ සති අන්තයේදී පමණි. කරුණාරත්න පොළොන්නරුවේ රැකියාවට ගිය බැවින් නන්දාට තනිවම කල් ගෙවීමට සිදු විය. ඇයගේ අස්වැසිල්ලට සිටි එකම සරණ වූයේ අල්ලපු කාමරයේ නැවතී සිටි සුසිලා පමණි.
නන්දාට වැඩිකල් මඩකලපු යාමට සිදු නොවීය. මන්ද කොටි ත්‍රස්තවාදීන් විසින් මඩකලපුවට පහර දෙන්නට පටන්ගත් බැවින් මඩකලපු ශාඛාව අම්පාරට ගෙන ඒමට සිදු වූවාය.වරක් ඇය එමින් සිටී බසයට කොටි ප්‍රහාරයක් එල්ල වී ඈ බේරුණේ අනූ නවයෙනි.
දෙදෙනා විවාහ වී අවුරුදු හතරක් ගතවුවද දරු සුරතල් බැලීමේ වාසනාවක් ඔවුන්ට නොලැබිණි. ඒ වෙනුවෙන් ඔවුන් නොකල දෙයක් නැත. ඇති පදම් වෛද්‍යවරු ද, දේවාල ද, කරා ඔවුන් ගියෝය. බෝධිපූජා කලෝය. නමුත් දෙවියන්ට ඔවුන්ගේ මූණ බැලීමට අවුරුදු පහක් පමණ ගතවිය. ඔවුන් විවාහ වී අවුදු හතරක් පසුවී ලැබූ අවුරුද්දේ පොසොන් මස ලස්සන දවසක ඈ දගකාර නීරෝගී පුත් රුවනක් ලැබුවාය. එය ඔවුන්ගේ එතෙක් ගෙවූ ජීවිතයේ ලස්සනම දවස් වලින් එකක් විය.
No comments:
Post a Comment