Saturday, June 25, 2011

1 ලිපිය - අනාත්ම

අනිත්‍ය දුඛ්‍ය ගැන අපි සොයා බැලුවෙමු. නමුත් එවායේ තේරුම් ගැනීමට නොහැකි වූ යම් යම් ගැටලු අසන්නට ලැබිණ. එම ගැටලු වලට පිලිතුරු ලබන ලිපියට කල් තබා මෙහි අවසාන කොටසත් අවසන් කිරීම හොද යැයි මට සිතේ.
 හොදයි මේ අනාත්ම යන්නෙහි අදහස කුමක්ද? බොහෝහෝ දෙනා විග්‍රහ කරන පරිදි මමය මාගේය කියන්න නොහැකිවීම අනාත්ම වේ දැයි සොයා බලමු. කෙනෙකුට බැලූ බැල්මට කියන්න පුලුවන් මේ ඇස කන නාසය දිව ශරීරය මාගේ මිස වෙන කාගෙද යනුවෙන්. ඇත්තටම මේ උපතින් හෝ මුදලට හෝ වෙනයම් ආකාරයකට හෝ මට ලැබී ඇති දේවල් මගේද? ඔව් ඒවා ඔබේ අභිමතය පරිදි භාවිතා කල හැකි බැවින් ඒවා මගේයැයි පැවිසීමේ වරදක් නැත. නමුත් මා සිතන පරිදි මෙහි මමය මාගේය යන්නෙහි අදහස  ඒවා ඔබේ අභිමතය පරිදි භාවිතා කල හැකි නමුත් ඔබට නිශ්චිතව ඒවායේ පැවැත්ම තීරණය කල නොහැකි වීමයි. ඉහත අපි ලෝකය ගැන සොයාගත් කරුණු දෙක මගින්ද මෙය පැහැදිලි කල හැක.
 අනිත්‍ය යනු පවතින කිසිවක් නොමැත යන්න නම් අපිට මාගේ යැයි කීමට හැකි දෙයක්ද නැත. එසේම මාගේ මාගේ යැයි කියන කෙනෙක් ද නැත. එනම් මමද නැත. එසේනම් අනිත්‍ය සංකල්පයට අනුව මමය මාගේය කියා දෙයක් නැත. දුඛ්‍ය සංකල්පයට අනුව මේ ලොව සියල්ල වෙනස් වේ. එම වෙනස් වීම යමෙක් කරන දෙයක් විය හැක. නමුත් එය ස්භාවිකව වෙනස් වීම නතර කල නොහැක. එනම් යමෙක් වෙනස් නොකලත් එය ස්භාවිකව වෙනස් වේ. එමනිසා යමක ඊලග මොහොතේ පැවැත්ම නිශ්චිතව ප්‍රකාශ කල නොහැක. එනිසා දුඛ්‍ය ස්භාවය නිසාද මමය මාගේය කිවහැකි යමක් නොමැති බව පැහැදිලි වේ. එසේනම් "යමක පැවැත්ම පිලිබදව නිශ්චිතව පැවසීමට නොහැක" යන්න  අනාත්ම ලෙස හදුන්වමු.

No comments:

Post a Comment