Friday, June 3, 2011

මුල පිරුම

මම බුදුන් දැක නැත. නමුත් මා තෙරුවන් සරණ ගියෙමි. ඊට හේතුව මා ධර්මය සරණ යාමයි. මේ ලොව යම් සත්‍යයක් ඇත්නම් එය ධර්මයවේ යයි මගේ පිළිගැනීමයි. එ නිසා මම ධර්මය සරණ යමි. මේ ලොව  සත්‍යය සොයාගත් යමෙක් වේ ද එ බුදුන් යයි මගේ පිළිගැනීමයි. එ නිසා මම බුදුන් සරණ යමි.එම සත්‍ය අවබෝධ කරගත් යමෙක් වේ ද එ සඝුන් යයි මගේ පිළිගැනීමයි. එ නිසා මම සඝුන් සරණ යමි.
නමුත් දැන් හාමුදුරුවන් පවසන දේ බුදුන් සොයාගත් දේමදැයි නොදනිමි. එබැවින්  මගේ අවබෝධයේ පරිමාණයෙන් යථාර්තය සොයා පොඩි ගවේෂණයක් කිරීමට සිතුණි. නමුත් එයට මගේ අවබෝධය මද වේ. එබැවින් මා පලකරන ලිපි වලට ඔබේ අදහස් එක්කල මැනවී.
පළමු ලිපියෙන් අනිත්‍ය දුඛ්‍ය අනාත්ම යනු කුමක්දැයි සොයා බලමු.

No comments:

Post a Comment