කරුණාරත්න සරසවියේත්, නන්දාවතී තාක්ෂණික විද්‍යාලයෙත් ගෙවූ සිව් වසර විටෙක ඉතා වේගයෙන්ද වරෙක ගොලුබෙලි ගමනින්ද ගෙවී ගියේය. ඔහු උපාධිය ලබා ගෙන ගෙදර ආවත් පවුලේ ආර්ථිකය නංවාලීමට ඔහුගේ සහෝදරයින්ට හැකිවී නොතිබිනි. එබැවින් රජයෙන් උපාධිධරයනට දෙන ගුරු පත්වීම ලැබෙන තෙක් ඔහු බයිසිකලයෙන් ඇල්පිටි ගොස් හකුරු ගෙනවිත් ටවුමේ විකිණුවේය. ඒ සමග පමුණුවෙන් ඇදුම් මිලයට ගෙන විකිණුවේය.
කාලය ගත වූ නමුත් ගුරු පත්වීම නොපැමිණියේය. ඇත්තටම ඔහු නැවතත් දෛවයේ සරදමට ලක් වී තිබුණි. ඔහුගේ ගෙදරට හරි හමන් පාරක්වත් නොතිබූ බැවින් ලියුම් ආවේ ඥාතී නිවසකටය. නිවසට පැමිණි පත්වීම් ලියමන ඔහුට දීමට ඔවුන්ට අමතක වී හෝ අමතක කර තිබී පසුව හමු විය. ඔහු පසුව රැකියාවල් සදහා පත්තර පීරමින් අයදුම් කලත් දේශපාලන හේතූන් මත සෑම සම්මුඛ පරීක්ෂණයකින්ම අසමත් විය. අවසානයේ ඔහු තවත් එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් සදහා පොල්ගොල්ලේ සමූපකාර සේවක පුහුණු ආයතනයකට බැදී අවසානයේ ජාතික සමූපාකාර මණ්ඩලයට පළමු පත් වීම ලබා ගත්තේය.
සෑම විටම අවාසනාව ලුහු බැද ආවද සමහර වේලාවට වාසනාවද අත වනා යාමට අමතක නොකලාය. ඇත්තටම එය ඔහුට පමනක් නොව නන්දාවතීටද වාසනාවන්ත කාලයක් වූයේ ඔවුන්ගේ සංසාර බැදීම සපථ කරන්නාක් මෙනි. ඇයටද ඇගේ පියා දේශපාලනය මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මාතර ජලසම්පාදන මණ්ඩලයේ ලිපිකාරනියක් ලෙස සේවය කිරීමටය. ඇගේ සාරියක් අදින රස්සාවකට යාමේ මහත් වූ ආශාව ද ඉන් සඵල විය..
No comments:
Post a Comment