Sunday, June 12, 2011

3 කොටස

නන්දාවතීත් කරුණාරත්නත් උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ එක පන්තියේය. නමුත් උසස් පෙළින් පසු කරුණාරත්න රස්සාවක් හොයාගෙන දුම්රියෙන් කොළඹටත් එතැනින් අනුරාධපුරයටත් ගියේ පාරවල් නොදැනය. එහිදි ඔහුට බොහෝ කරදර වලට මුහුනපෑමට සිදුවිය. වරක් අනුරාධපුරයේ දී යහලුවෝ මඩු දේවාලයේ පූජාවකට ඔහුව රැගෙන ගොස් මුලු සේසතම රැගෙන පලා ගියෝය. යන එනමන් නැතිව සිටි ඔහුට අවසානයේ මැදවච්චියේ හෝටලයක රැකියාව ලැබුණි. එයින් ලැබුනු වැටුප නිවසට යැව්වේය.
 මේ කාලයේදී නන්දාවතී තාක්ෂණික විද්‍යාලයක ඩිප්ාලා්මාවක් හැදෑරීය. ඒ කාලයේ නවකවදය නිසා ඈ ජිවිතය නැතිකරගැනීමට සිතූ අවස්ථාද තිබුණි. ඒ මදවට ඈ නැවතී සිටි බෝඩිමෙහි සිටී ඇන්ටී හරියට කන්න බොන්නවත් නොදුන්නා පමනක් නොව කරුණාරත්න සමග ලියුම් ගනුදෙනු කිරීමද තහනම් කලාය.
මේ අතර තුර කාලයේදී කරුණාරත්නට සරසවි වරම් ලැබුණි. මේ බව දැනගත් හෝටල් හිමිකරු ඔහුට කළමනාකරු තනතුර දීමටත් තම දුව විවාහ කර දීමටත් කැමැත්ත පලකර සිටියේය. නමුත් ඔහු දෙකම එපා කියා පේරාදෙණි ගියේය.

No comments:

Post a Comment