Friday, June 17, 2011

නිදන කාමරය හා බස් රථය

ඉතිං ඕං මේක මගේ නැන්දගෙන්.... අපේ නැන්දට මේ ලගදි හරි වැඩක් වෙලානේ! බොලාට කියන්න ඕං නැන්දට පොඩි එකාගේ ඉස්කෝලේ ටීචොර් එන්න කියාපිනාලා ළමයගේ හපන්කමක් කියාන්ඩ තියේ කියල. බැලින්නම් මේකා පන්තියේ ගෑනු ළමයෙක්ට රු 5 ක් දීලා පෙම්වතී වෙන්න කියාපිනාලලූ. මූ තාම 3 වසරේ හිච්චි එකා වෙච්චි බලාපල්ලකෝ පොඩි කමට නේ! මේකාගෙන් ඇහැව්වම කියෙව්වාලු "අපේ ස්කෝලේ බස් එකේ අයියණ්ඩිලා හැමෝටම ඉන්නවා ඉතින් මටත් ඕනේ හින්දා මං ඇහැව්වා එයා බෑ කිව්වා හින්දා මං රු 5ක් දීලා කොහොමෙන් හරි යාලු කොරගත්තා" කියලා.
අම්මාපා ඇත්තමයි කොල්ලගේ කටේ මසුරන් දාන්න වටින කතාව, බොලාට කියන්න ඕං දවසක් මාත් ඉතින් සූ ගාලා සෙනග ඉන්න බස් එහෙකට නැගපිනා. පසුපස ආසොනේ ගාවම යන්තං හිටගතිපිනා කියමුකෝ ඕං. ඒ වෙලාවත් අහසේ තරු පේන වෙලාව. මං බලන බලන ආසොනේ ගැටවරයොයි ගැටිස්සියොයි ජෝඩූ දාගෙන දෙන්නා වාඩිගන්න ආසොනේ තුන් දෙනෙකුට ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ මදිවට මං බලනකොට මුං මං දිහා බලන්නේ හරියට මං උන්ගේ නිදන කාමරයට එබිලා බලපිනා ගානට. අනේ ඉතින් අසරණ මං මක් කොරන්ඩද, බලන්න වෙන දිහාකුත් නැතිකොට උඩබලාගෙන බිම බලාගෙන ආපිනා. 
 ඉතිං මං අහන්නේ මේ අත දරුවගේ හිට 90ක් වෙන නාකියා දක්වා ගමන් කොරන පොදු ස්ථානයක හැසිරෙන්න ඕන විදියක්ද ඔය  හැබෑට. හිච්චි කොල්ලෝ කෙල්ලෝ ඕවා ආදොර්සෙට ගන්නව නේන්නම්. පේන්නැද්ද ඔය 6 4ක් නොතේරෙන එවුන් පවා ජෝඩු දාගෙන යන හැටි.  අනේ කාලේ වනේ වාසේ කියන්නැහේ මෙව්වා කාට කියන්නද ?

4 comments:

  1. ආලකතා කියාපිනා ගන්ට වාසනාව තියෙන්ට එපාය ආයිබෝං.., අපිට නං එව්ව අහකයි. වෙන අහක යනකොට කැකුලිය සැට් උනොත් ඉතිං අපිටත් ගලේ බණ්ඩාර දෙයියන්නේ පිහිට තමා ඕං..!

    ReplyDelete
  2. ඇයි බාං එහෙම කියන්නේ බොලාට හෙන ගැහිලද කැකුලියන් අමනාප වන්න. ගලේ බණ්ඩාර දෙයියන්නේ පිහිටෙන් ආයුබොවන්ටත් කැපෙන සහකාරියක් හදිගැහෙයි. හැබැයි ඕං ආදරුසුමත්ව කල්අරින්න ඕනෑ.

    ReplyDelete
  3. අන් සතු අඟනට පෙම් නොකරන්!

    ReplyDelete
  4. නෑ බං මං කියෙව්වේ අම්ම කෙනෙකුට දරුවත් එක්ක බස් එහෙක යන්න ඇහැක්යෑ ලැඡ්ඡා නැතිව. හැම එහෙකටම සීමාවක් තියෙන්ඩ එපෑයැ. අනේ මංදා ඕං මට නං අපේ නංගි එක්ක යන්නත් ලැඡ්ඡයි වගේ ඔය වගේ ඇලීගෙන පෙම් කෙලිද්දී.

    ReplyDelete