Saturday, June 25, 2011

හිර ගෙට යාමේ උත්සවය

ඔය කොමෙන්ට්ස් අඩු වුනාට මොකද මට පුද්ගලිකව සුබ පතන අය නම් ගොඩායි. මං නම් ඕං පොදුවේ කොමෙන්ට්ස් කොරනවනම් වැඩිය මනාපයි. කමක් නෑ ඉතින් බොලාලා නෙව මගේ ගඩ්ස් නංවන්නේ. ඒ හැමොටම මගේ ප්‍රණාමමය ඕං.
 අද මං කියවන්න යන්නේ මගුල ගැන. මේකට ඔය ගැටිස්සියෝ එහෙම මනාප නොවෙන්නත් පුලුවන්. මොකද මං ලියාපිනාපු "දන්න උන්ට කොළ කඩා දමා ගැසීම.. " ලිපිය බලපිනාපු ඇත්තියෝ "අපි කොහොම ඇන්දාම බොට මොටද අකමැකිනම් නොබල හිටපිය" කියල කියාපිනා කියමුකෝ.
 දැන් ඔය බදින එක,  මං කියෙව්වේ ඔය  විවාහ වෙන එක ලක්සො ගණන් වියදං කොරල උජාරුවට කලාට මොකද ඊට පස්සෙන් පහු වෙනිද ඉදන් හිරේ ගියා වෙන්නැහේනේ. තනියම හම්බු කොරගෙන මං කියන්නේ දෙන්නා එක්ක හම්බු කොලත් පලමු අවුරුද්ද ගෑනිට සෑහෙන්නෙම නෑ නෙව. තනිකඩය කාලෙනං ඕං ආප්පයක් දෙකක් කාල හරි ඉන්න ඇහැක්කි. ඒ මදිවට පොඩියෙවුනුත් හමුබු උනාම කාල වරෙන්කෝ. උන්ගේ ඩැඩ කොරන්න කිරි අම්මලා දෙන්නෙක්වත් එපැයැ. උන් ලොකු උනාම උන්ට වියදං කොරන්න ලක්සයක් හම්බු කොරත් මදී නෙව. අම්මාපල්ල බරපතල වැඩ ඇතිව හිරේ ගියා හොදයි ඔයිට වැඩිය.
 ඉතිං මං අහන්නේ ජීවිතේටම එක පාර නෙව කියලා ලක්සො ගණන් වියදම් කොරල මගුල් කන්නේ ඔය හිරේට යන්න නෙව. ඔයිට හොද නැද්ද චාමෙට අත්තියවස්ස වැඩ වලට විතරක් වියපැයැදම් කොරල මගුල අරගෙන ඉතුරු මුදල් ජිවත් වෙන්න තියා ගත්තනම්. නැත්නම් ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමා. ඔය මගුලට හිරයක් ගන්නවායැයි කියන්නේ කට කහනවටද ආයුබොවන්.

1 comment:

  1. අම්මපා බොලේ මෙහෙම බොලොක්කයකට නොකරන කොමෙන්ට් ආයේ වෙන අහවල් එහෙකට දමන්ටෑ..ඔන්න එහෙනං මාත් මෙතන ලැගලා කොරලා ආව කියන්ට මෙහෙම කොටලත් ගියා කියලා සිහියේ තියා ගංකෝ...

    ReplyDelete