Saturday, June 4, 2011

2 කොටස

නන්දා විවාහ වී සිටින්නේ උපාධිධරයකු සමගිනි. ඈ ද උසස් පෙළ සමත් වී ඩිප්ලෝමාවක් හදාරන ලදී. එබැවින් දෙදෙනාටම රැකියා ලැබිණි. ඈ ද පෝසත් නොවූවත් කරුණාරත්නට වඩා ඉහලින් සිටියාය. පියා ඇදුම් මසා උපයාගත් මුදල ඔවුන්ට සෑහින. ඇගේ පවුලේ සිටියේ දරුවන් පස් දෙනෙකි. ඈට අක්කා කෙනෙකු සිටි බැවින් ඈ කුස්සියට කොටුවීමෙන් මිදුනාය. ඇගේ නිවස පිහිටියේ පාසල අසලම බැවින් ගුරුවරියක් වීමේ ආසාවටත් වඩා සාරියක් ඇදීමේ ආසාවෙන් ඈ අධ්‍යාපනයට මුල් තැන දුන්නාය. ඇගේ පවුලෙන්ද වැඩිපුරම ඉගෙන ගත්තේ ඈය.ඇගේ ගෙදර යම් මට්ටමකින් ඉහල වුවද නිතරම මව පියාට බැන වැදිනි. එය ඇගේ පාඩම් කටයුතු වලට බාධා පැමිණවිය. එබැවින් මව තමාට ආදරේ නැතැයි ද ඕ සිතුවාය.
 ඇත්තටම කරුණාරත්න බයිසිකලය දමාගිය යථෝක්ත නිවස නන්දා ජීවත් වූ නිවසම විය. 

No comments:

Post a Comment