Saturday, June 11, 2011

1 ලිපිය - අනිත්‍ය

අනිත්‍ය අනිත්‍ය යැයි පවසන්නේ කුමක්ද? බොහෝ දෙනෙක් යමක් ඇති වී පැවතී නැති වීම යයි අර්ථ දක්වයි. ප්‍රසිද්ධ උදාහරණය ලෙස මිනිසා ඉපදීම ඇතිවීමත්, ජීවත්වීම පැවතීමත්, මියයාම නැතිවීමත්, ලෙස ඔවුන් කියා සිටී. උත්පාද තිථි භංග යන්නෙහි තිථි යනු පැවතීම යයි අර්ථ දක්වයි.
ඇත්තටම මිනිසාගේ හෝ වෙනත් යමක හෝ පැවතීමක් තිබේද? හොදයි අපි මෙහෙම හිතමු මිනිසාගේ පවතින්නේ කුමක්ද? ශරීරයද නැත්නම් හිතද? අපි දන්නවා අපේ හිත එකම අරමුණක තිබුනත් සිතුවිලි බිදි බිදී නැවත නැවත උපදින බව. එසේනම් මේ සිත ස්ථිර නෑ. එනම් පවතින්නේ නෑ. හොදයි අපි බලමු ශරීරය පවතිනවාද කියා. අපි ගනිමු ඔලුව, එය සෑදී ඇත්තේ හිසකෙස් ඇස් කන් නාස යනාදියෙනි. නැතිනම් සම ඇට නහර ලේ යනාදියෙනි. හොදයි එතකොට ඒවා ස්ථිරද? නැත. ඒවා සෑදි ඇත්තේ මූලද්‍රව්‍ය වලින්. එසේනම් මූලද්‍රව්‍ය වල පැවැත්මක් තියෙනවද? ඒත් නැත. ඒවා සෑදී ඇත්තේ පරමාණු වලිනි. පරමාණු සෑදි ඇත්තේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන යනාදියෙනි. ඒවාද සෑදී ඇත්තේ තවත් කොටස් එකතු වීමෙනි.
හොදයි අපි එතනින් නැවතිලා බලමු මේ   ඉලෙක්ට්‍රෝන එක තැනක පවතිනවාද කියලා. නැත ඒවා සෑමවිටම අහඹු ලෙස චලනය වෙනවා. එසේ නම් සෑම මොහොතකම පරමාණු වෙනස් වෙනවා, එතකොට ලේ නහර යනාදියද වෙනස් වෙනවා, අත පය ඔලුව ද වෙනස් වෙනවා. අපේ ඇසට නොපෙනුත් දැන් පේනවා නේද මේ ශරීරය ඉතා වේගයෙන් ඇත්තටම අපි හිතනවාටත් වඩා වේගයෙන් වෙනස් වෙනවා. එනම් මේ විදියට අරන් බැලුවම මේ ලෝකෙ පවතින කිසිම දෙයක් නෑ. එසේ නම් උත්පාද තිථි භංග යනු ඇතිවීම පැවතීම නැතිවීම නොව ඇතිවීම ක්ෂණිකව නැතිවීම විය යුතු නොවේද?
එසේනම් අනිත්‍ය යනු 'පවතින කිසිත් නොමැත' යන්නයි.  

2 comments:

  1. මම තේරුම් ගෙන ඇති අන්දමට මේ ලෝකයේ චලනය වන රූප නැහැ. නූතන විද්‍යාඥයින් විසින් ඉලෙක්ට්‍රෝන යැයි කියා ගන්නා රූප කලාපද චලනය වනවා නොව සිදුවන්නෙ ඒ ඒ තැනම ඉපිද පැවත ඒ ඒ තැන් වලම අභාවයට යාමයි. චලනය වනවා සේ අපිට සිතෙන්නේ ඒවා ඇසින් දැක සිතින් සංස්කරණය කර දීම හේතුවෙන්. උදාහරණයක් විදියට, අපි අතක් ඔසවන විට සිදු වන්නේ සැබෑ ලෙස අත එසවෙනවා නොව අත සෑදී ඇති රූප කලාප ඒ ඒ තැන ඉපිද පැවත ඒ ඒ තැන අභාවයට යමින් හේතූන් නිසා නව රූප කලාප ඒ ඒ ආසන්නයේ ඇති වීමයි. මේක තේරුම් ගන්න ලේසියි අපි පොඩි කාලේ හදපු නයිට් රයිඩර් සර්කිට් 1 දිහා බලපුවම. අපිට හිතෙන්නේ ඒකෙ එළියක්‌ එහාට මෙහාට යනවා කියල. නමුත් ඇත්තටම සිදු වන්නේ බල්බයක් දැල්වී එතනම නිවී ඒ ආසන්නයේ ඇති බල්බය දැල්වී නිවී යාමයි.
    මේ අයුරින් සිතනකොට සැබෑ ලෙස පිපෙන මලක්ද නැත, පායනා ඉරක්ද නැත, ජීවත් වන සත්වයෙක්ද නැත. ලෝකය අපි දකිනා ලෝකයට වඩා ගොඩාක් වෙනස් තැනක්...

    ReplyDelete
  2. ඔව් බුන්ජු කියන දේ මට පැහැදිලියි. ඇත්තටම චලනය කියන්නේ ඒකටම තමා. මට තේරෙන විදියට ගමන් කරනවා, සෙලවෙනවා, ලෙලදෙනවා යනු චලනයම විවිධ ප්‍රභේද කීපයක්. වෙනස්වීම කියන්නේ යමක් නැතිවී යමක් ඇතිවීම, මෙය අපේ ඇසට සංවේදි ප්‍රමාණයට වැඩිවන විට එය ඉහත චලිත ස්වරුපයක් ගන්නවා. කොටින්ම කියනවානම් අපි වයසට යනවා කියන්නෙත් එක්තරා චලනය වීමක් තමයි. මට හිතෙන්නේ එහෙමයි. මං හිතන්නේ ඒක ශක්තිවල අන්තර් ක්‍රියාවක් නැත්නම් මූලධාතු වල අන්තර් ක්‍රියාවක් කිව්වොත් ?

    ReplyDelete